සදේ ඇයි නුඹ නොකිය හිටියේ
මෙසේ කළුවර කරන බව පැළ
ඌට උබ ලොකු එකී වෙන්නැති
ඒත් උබ මගෙ පපුවෙ පොඩි දුව
හොද වෙලාවට උඹෙ අම්ම නම්
නොදැක හිටියේ මේ විපත් නම්
උඹේ ජන්මෙන් ඇගෙ මරණෙ නොවුන නම්
මේවා දැකලම ඈ මැරිල එහෙනම්
දිනෙන් දින ලොකු වෙද්දි මගෙ පණ
දැක්කෙ උඹ අම්මගෙ මූණමයි
සිහි වෙද්දි ඇගෙ මතකෙ එවිටම
කදුළු සැගවුයෙ උඹ නිසාමයි
බඩට අහරක් හිතට නිවනක් නෑ
ඇහේ තියාගෙන නුඹ රැක්ක පමණයි
ඇගේ සොහොනට ගිහින් එන විට
පැලේ තිබ්බේ උඹෙ සුවද විතරයි
උඹ නිසාමයි මෙතෙක් කල් මගෙ පපුව ගැහුනෙත්
උඹත් නැතුවම ඉන්නෙ කොහොමද මා තවත් කල්
මමත් යනවා උඹෙ අම්ම ගාවට පණ
අනේ බෑණෝ රැකාපන් මගෙ පණ
🌼❣️
ReplyDelete♥️♥️
Delete