පතිනි දෙවොලට මලින් පුද
සුව පැනින් නහවන්නී..
නැතත් අතමිට කිරෙන් පිසු පිඬු
පිනෙන් පුද දුන්නී..
සුවඳ විළිකුන් ඵලින් පිරි
සා කූඩ දන් දුන්නී..
ඕං ඇවිදින් දෙවොල දොරටුව
සිඹී ඒ ඇත්තී..
"සමාවන් කපුතුමනි මගෙ දරු රෝග වී ඇත්තේ ..
මහිමි එක්තැන් වීය මහ අපලයකි එහෙම ඵල දුන්නේ
ගරා වැටී , එල්ලීය වහලය දිරා ගොස් ඇත්තේ..
වෙලා සරණක් කියන් මෑණිට පිහිට එය වන්නේ.."
අදුර ලා වැහි අන්දකාරෙන්
පලාතම පිරුනා..
මොනරකොල නැති ඈට පින බර
දෙවොල් දොර වැසුනා..
කදුලු වියලුනු නෙතු පරය වා
සුසුම් වැල් හෙලුනා..
දෙවොල තුල වැඩ හුන් පතිනි පිලිමෙත් කදුලු බිදු හෙලුනා..!
පොඩ්ඩියේ 2❤️
ReplyDeleteඒක 🖤
ReplyDelete